මැඩගස්කර තරුණියන් මෙරටදී වැරදි රැකියාවක යෙදවූ කාන්තාවගේ අධිකරණය තීන්දුව කල් තැබේ

වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කරයේ තරුණියන් මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණ මැඩගස්කරයේ පදිංචි විත්තිකාර තරුණියකට දඬුවම් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ජනවාරි 29 දිනට කල් තැබීමට අද (19) නියෝග කළා.

විත්තිකාර තරුණිය කෙටි කාලීන වීසා ලබාගෙන මෙරටට පැමිණ මැඩගස්කරයේ තරුණියන් මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් ඇයගේ වීසා කාලය අවලංගුවීමෙන් අනතුරුවද ඇය මෙරට රැඳී සිටිමින් එම නීති විරෝධී ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

විසා නොමැතිව මෙරට තුළ රැඳී සිටීමේ චෝදනාවත් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු විත්තිකාරයට දඬුවම් නියම කිරීම ලබන 29 දිනට එසේ කල් තැබුණා.

මැඩගස්කරයේ තරුණියන් මෙරටට ගෙන්වා ගණිකාව වෘත්තියේ යෙදවීම යන චෝදනාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53