මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 03 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ඒ, අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට (20) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය පවසන්නේ.
මේ අතර ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවයි.
නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බව ද ඔහු පැවසුවා.















