දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ ලේකම්ධුරය වෙනුවෙන් දැමූ නඩුවේ තීන්දුවක් කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එම පක්ෂයට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ පැමිණිල්ල පෙබරවාරි මස 06 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුකරය හා සම්බන්ධ නියෝගයක් අද (18) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නියෝගය පෙබරවාරි මස 06 වැනිදා ප්‍රකාශයට පත්කරන බව දිසා අධිකරණය නිවේදනය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබෙන බව පැමිණිකාර දයාසිරි ජයසේකර පෙන්වා දුන්නා.

එම නියෝගවලට අනුව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් දයාසිරි ජයසේකර අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?