කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදාර නිර්මාල් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කරනු ලැබුවා.
සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 10,000/- ක මුදල් ඇපයක් ද නියම කළා.
අලුත්හැලපොළ, මැදගොමුව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න යන අය එලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.
‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට සිම් පත් (SIM Cards) ලබා දුන් බවට චෝදනා ලැබ සිටි එම සැකකරු අද දින ඇප අත්සන් කිරිමෙන් පසු මුදා හරිනු ලැබ තිබෙනවා.
නඩුව ඉකුත් 19 වන දින යළි කැඳවිමට නියමිතයි.
සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් අතරින් කිහිප දෙනකු මේ වන විට රැදවුම් භාරයේ සිටින අතර අනෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.















