මාධ්‍ය අධිපතියෙක්, රටට එරෙහිව කටයුතු කිරීම පිළිබද වරදකරු වෙයි

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍ය අධිපතියෙකු වන ජිමී ලායි, විදේශීය බලවේග සමඟ හවුල් වී රටට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ වරදකරු කර තිබෙනවා.

2020 දෙසැම්බර් මාසයේ සිට සිරගතව සිටින 78 හැවිරිදි එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති අතර ලබන වසරේ මුල් භාගයේදී ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධිකරණ තීන්දුව කුරිරු අධිකරණ විහිලුවක් ලෙස හඳුන්වා තිබෙනවා.

2019 – 2020 කාලයේ දී චීන පාලනයට එරෙහිව හොංකොං හි පැවති තරුණ අරගලයේ දී එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවීම ජාතික ආරක්ෂ නීතිය උල්ලංඝනය කිරීමක් බවට ජිමී ලායිට චෝදනා එල්ල වුණා.

එමෙන්ම ඔහුට අයත්ව තිබූ ඇපල් ඩේලි ටැබ්ලොයිඩ් පුවත්පතේ රාජද්‍රෝහි කරුණු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද වරදකරු බවට තීරණය තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?