ඉන්දුසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පත්මේගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම හමුවේ ඔහුට අයත්ව තිබූ ගිනි අවියක් ඇතුළු දේපල දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විශේෂ කාර්ය බලකා, කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහය ඇතිව එඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකල කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02 ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





