පද්මේගේ ඔත්තුවකට ගිනි අවියක් සහ පතොරම් තොගයක් CID භාරයට

ඉන්දුසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පත්මේගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම හමුවේ ඔහුට අයත්ව තිබූ ගිනි අවියක් ඇතුළු දේපල දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විශේෂ කාර්ය බලකා, කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහය ඇතිව එ‍ඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකල කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02 ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25