එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව බස්නාහිර පළාත තුළ පමණක් 2,500ක අතිරේක පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පැවසුවේ.

එමෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් රැසක් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඔබගේ රථය, යතුරුපැදිය යම් කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, එලෙස ගාල් කරන රථවාහන තුළ වටිනා දේපළ හෝ මුදල් දමා නොයන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවල දී නිවසේ ආරක්ෂාව පිළිබඳවත් වැඩි සැලකිලිමත් භාවයක් යොමුකරන ලෙසට ද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47