මිලියන 150ක දේපළ ගැන මර්වින් සිල්වාගේ නඩුවේ සාක්ෂි විභාගයට දින ලැබෙයි

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි 13 අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාමෙන් අල්ලස් පනත යටතේ වරදවල් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.

එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කළා.

ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන්නා.

ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වන දින දක්වා කල් තැබීමට නියම කළා.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36