මිලියන 150ක දේපළ ගැන මර්වින් සිල්වාගේ නඩුවේ සාක්ෂි විභාගයට දින ලැබෙයි

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි 13 අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාමෙන් අල්ලස් පනත යටතේ වරදවල් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.

එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කළා.

ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන්නා.

ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වන දින දක්වා කල් තැබීමට නියම කළා.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?