දසත “පන්සලේ බණ ගෙදර” දහස් සංඛ්‍යාත පිංවතුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන්

විඩාබර ජීවතයට වෙන් වූ දයාබර දහම් අඬහැරය, දසත “පන්සලේ බණ ගෙදර” ඊයේ (12) පස්වරු 06.00 සිට දිවුලපිටිය, දෙල්වගුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිංවතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දසත “පන්සලේ බණ ගෙදර” මෙලෙස සාර්ථකව නිමාවට පත්වුණා.

පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකම සඳහා පූජ්‍ය මාතලේ සුමංගල හිමි, පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි, පූජ්‍ය වැවහමන්දූවේ සුබෝධ හිමි, පූජ්‍ය වැවහමන්දූවේ ලෝචන හිමි (මාතර නිවුන් හාමුදුරුවෝ ) වැඩමවීමෙන් අර්ථවත්, කාලෝචිත සහ සාර්ථක පිංකම් වැඩසටහනක් ලෙස නිමවා දුටුවා.

තව ද විශේෂිත ආරාධිත දේශනය සඳහා ප්‍රවීන දේශක දිනේෂ් මුතුගලත්, ඩබින් අයියා නොහොත් දනුෂ් ගමගේත් ”පන්සලේ බණ ගෙදර” සමඟින් එක් වූ අතර තාරුණ්‍යට අවැසි නිවැරදි ධාර්මික ගමන් මඟ පෙන්වමින් “පන්සලේ බණ ගෙදර” වැඩසටහන තව තවත් අර්ථවත් කරනු ලැබුවා.

එමෙන්ම, පිං කැමති ඔබ සියලු දෙනාට දසත “පන්සලේ බණ ගෙදර” නැවත විකාශය, අද (12) පස්වරු 07.00 සිට PEO TV නාලිකා අංක 18 ඔස්සේ, දසත TV තුළින් සහ දසත NEWS ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..නාමල් කුපිත වෙයි
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55


?