එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ දී සඳහන් කළා.










