රම්බොඩ – නුවරඑළිය මාර්ගයේ තත්ත්වය ගැන ජපාන භූ විද්‍යාඥයන්ගෙන් වාර්තාවක්

දිට්වා සුලි කුණාටුවෙන් බලපැම් ඇති වූ දිස්ත්‍රික්ක අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග විශාල වශයෙන් නායයැමට ලක් වූ බවත්, එසේ නාය ගිය මාර්ග ගොඩනැලිගි පර්යේෂණායතනයේ නිර්දේශ මත නුවරඑලියේ සුන්දරත්වය රැක ගනිමින් කෙටි කාලයක් තුල යථා තත්වයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

මහනුවර, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමට ලක් වූ රම්බොඩ, කටුකිතුල, ගැරඩිඇල්ල ලබුකැලේ යන ප්‍රදේශවල ඊයේ (11) දින පස්වරුවේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාහන ධාවනය සදහා එක් මන්තීරුවක් විවෘත කර ඇති බවත්, ඒ තුලින් අඩාල වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කල හැකි බවයි.

රම්බොඩ සිට නුවරඑලිය දක්වා ප්‍රධාන මාර්ගයේ නාය ගිය ස්ථාන ජපානයෙන් පැමිණි භූ විද්‍යාඥයන් පිරිසක්ද පරික්ෂා කර බලා වාර්ථාවක් ලබා දි ඇති බවත්, එම සියලු වාර්ථා අධ්‍යනය කරමින් සියලුම මාර්ග අලුත්වැඩියා කිරිමට කටයුතු කරන බවත්
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම සංචාරයට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, අනුෂ්කා තිලකරත්න සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මහේන්ද්‍ර විජේපාල ඇතුළු නිළධාරින් රැසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි
00:38
Video thumbnail
දැන් මිනිස්සු බේරගන්නවට වඩා ලෝක උරුමය ලොකුවෙලා..කඳුකරයේ තේ වගාව අයින් කරනවා?
12:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි..මෙන්න ඔබ නොදුටු නවතම දර්ශන
06:01
Video thumbnail
ආපදාවෙන් හානියට පත් මහියංගණය රෝහල බලන්න සෞඛ්‍ය නි.ඇමති යයි
01:32


?