ජනතාවට උදවු කරන්න කියන ඉල්ලීම නම් කවුරු ප්ලීස් කිව්වත් නතර කරන්නේ නැහැ – විපක්ෂ නායකවරයා කියයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර නිසා ජලයෙන් යටව විපත පත් යටියන්තොට, ගරාගොඩ ප්‍රදේශයේ ජනතාව හමුවීම සඳහා විපක්ෂ නායකවරයා අද (06) පැමිණ තිබුණා.

එහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් දරුවන් ඇතුළු විවිධ පාර්ශව සඳහා ලබා දෙන බවට නිරන්තරයෙන් පැවසූ ආධාර ලබාදීමක් හෝ සහන සැලසීමක් තවමත් බිම් මට්ටමේ සිදුව නොමැති බවයි.

”අපේ රටේ ජනතාවට උපරිම උදවු කරන්න කියන ඉල්ලීම නම් කවුරු ‘ ප්ලීස් ‘ කිව්වත් අපි නතර කරන්නේ නැහැ. අපි හැමෝටම කතා කරනවා. කතා කරලා, හැමෝගෙන්ම උදවු අරගෙන රටට ආධාර උපකාර ලබා ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අපෙ උපරිම ශක්තිය ලබා දෙනවා.” යැයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?