වාරියපොළ පොලිස් වසමේ පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ වැරැල්ල හන්දියේ දී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු, එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් වාරියපොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
රියදුරු සහ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය දෙදෙනා හා තුවාල ලැබූ කාන්තාව එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා වනවා.
මියගිය පියා වයස අවුරුදු 61ක තැනැත්තෙක් වන අතර පුත්‍රයා 15 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් පොල්වත්ත, දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
මෘත ශරීරය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.















