කල්පිටියේ බෝට්ටුවකින් අයිස් සහ හෙරොයින් තොගයක් සොයාගැනේ

කල්පිටිය මුහුදු තීරයේදී, නාවික හමුදා නිලධාරීන් විසින් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63 ග්‍රෑම් 718ක් සහ හෙරොයින් කිලෝ 14 ග්‍රෑම් 802ක් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ සිදුකළ මෙහෙයුමක දීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම හැකිව ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්