දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීම සඳහා බෝට්ටුවක් රැගෙන බලපිටිය ප්‍රදේශයේ සිට කඩුවෙල ප්‍රදේශයට පැමිණි බවට සඳහන් කරන පුද්ගලයෙකු තමාට පිරිසක් විසින් පහරදුන් බවට ප්‍රකාශ කරන විඩීයෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.
කඩුවෙල පොලිස් වසමේ ගංවතුරින් අවතැන් වූවන් සඳහා සහන සැලසීමට පසුගිය පළමු වනදා බලපිටිය ප්‍රදේශයේ සිට කඩුවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීමක් සම්බන්ධයෙන් එම පුද්ගලයා විසින් පසුගිය 03 වන දින අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ (05) දින මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 38 හා 42 වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් ඊයේ (05) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.















