කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපදෙස්

කෘෂිකර්මාන්තය සහ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා, සළකාබැලීම සඳහා පසුගිය 24 සහ 26 යන දිනවල පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

විදේශයන්හි සිටින බොහෝ වෘත්තිකයන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සහ පශු සම්පත් අංශයේ සංවර්ධනයට දායක වීමට කැමැත්තෙන් සිටින බවත්, එවැනි පුද්ගලයින්ගේ සහයෝගය ලබා ගනිමින් මෙම අංශය සංවර්ධනය කිරීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සඳහන් කළා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී පැන නගින ඉඩම් ගැටලු විසඳීම සඳහා මැදිහත් වීමට කාරක සභාව අපේක්ෂා කරන බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙදින කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ අතර, වැවිලි අංශයේ තේ සහ රබර් භෝග පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළ අතර, ඒ සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහාය ද ලබා ගත හැකි බව පැවසුවේය. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ද මෙහිදී සලකා බලා අනුමත කරනු ලැබුවා.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් අක්මීමන, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ඥානමුත්තු ශ්‍රීනේසන්, කිංස් නෙල්සන් යන අය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?