අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ නිවාසවල යළි පදිංචියට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් 10,000ක අත්තිකාරම් මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මිලියන 7,500ක මුදලක් ඒ වෙනුවෙන් වෙන්කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ.
ඊට අමතරව අපදාවට ලක් වූ පවුලකට පෙර ලබා දුන් අමතර රුපියල් 3,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
+1
+1
+1















