රටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ පසුගිය 27 වැනිදා දින දෙකක් සඳහා පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාද කල් දමනු ලැබුවා.
ඒ අනුව එම කල් දැමුණු තරුණ කටයුතු හා ක්‍රීඩා, කාන්තා හා ළමා කටයුතු, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ පරිසර යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාද අද (01) දිනයේ ද සහ හෙට (02) දිනයේ දී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන මෙන්ම වැවිලි සහ යටිතල පහසුකම් යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ද පැවැත්වීමට නියමිතයි.
කාරක සභා විවාද මෙම දින දෙක තුළ දී මධ්‍යම රාත්‍රී 12 වන තෙක් පැවැත්වෙන අතර පාර්ලිමේතුව මෙලෙස මාධ්‍යම රාත්‍රිය වන තුරු පවත්වන පළමු අවස්ථාව මෙය වනවා.













