දිවයිනට දරුණු බලපෑමක් ඇති කළ “දිට්වා” සුළිකුණාටුව යාපනය සිට කිලෝ මීටර් 170ක් උතුරට බරව ඊසාන දෙසින්, අක්ෂාංශ 11.1°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ අංශ දැනුම් දෙනවා.
මෙම පද්ධතිය තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50-60 පමණ වන අතර, විටින් විට හමන පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 30-40 වන අතර, කොළඹ සිට මීගමුව හරහා පුත්තලම දක්වා සහ ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි දැනුම් දෙන්නේ.
මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන අතර,දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකියි.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දැනුම් දෙන්නේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කරනු ලබන බවත් දැනුම් දෙනවා.















