ආර්ථික පරිවර්තන යුගයක් අත්පත්කර ගැනීම වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව වැඩ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජනබලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට අද (31) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම නීතිය ඉදිරියේ සාධාරණය ඉටුවන බවට සමාජය විසින්ම සමාජය තුළ මතයක් ගොඩනැඟිය යුතු බවයි.
නීතිය අසමානව ක්රියාත්මකවන බවට දැනෙන සමාජයක් කිසිම අවස්ථාවක ස්ථාවර, යහපත් සමාජයක් බවට පත්නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.
කලක සිට නීතියේ විදානයේ අදිපත්ය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැඟී ඇති, පළුඳුවීමක් සිදුව ඇති සමාජය තුළ යළි නීතියේ විදානයේ අදිපත්ය පිළිබඳව විශ්වසය ගොඩනැඟීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ කාර්යය වී ඇති බව ජනධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම කතා කරන භාෂාව, අදහනු ලබන ආගම යම් අයෙකුට අනාරක්ෂිත ස්වභාවයක් සකසනවා නම් එවැනි සමාජයක් කිසිම අවස්ථාවක ස්ථාවර සමාජයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පැරණි, ආදිකල්පිත මනස්වලින් සිටින පුද්ගලයින්ට මෙම නව සුබවාදී සමාජ පරිවර්තනය ඔරොත්තු නොදෙන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.










