“දිට්වා” යාපනය සිට කිලෝ මීටර් 170ක් ඈතට යයි – මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවමත් ඉහළට

දිවයිනට දරුණු බලපෑමක් ඇති කළ “දිට්වා” සුළිකුණාටුව යාපනය සිට කිලෝ මීටර් 170ක් උතුරට බරව ඊසාන දෙසින්, අක්ෂාංශ 11.1°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

මෙම පද්ධතිය තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50-60 පමණ වන අතර, විටින් විට හමන පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 30-40 වන අතර, කොළඹ සිට මීගමුව හරහා පුත්තලම දක්වා සහ ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවන අතර,දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකියි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කරනු ලබන බවත් දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36