බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රාවන් රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබනවා.
ඒ අනුව අවදානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වන විට රැකියාවේ නිරතව සිටින සියළුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියළුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් එම,අ නිවේදනය මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය පෙන්වා දෙනවා.















