බදු වර්තා ඉදිරිපත් නොකළ තාඹුගලට 25,000ක දඩ මුදලක්

2019 වර්ෂයේ තුනවන කාර්තුව වෙනුවෙන් වැට් බදු වර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහාරාච්චි රුපියල් 25000ක දඩ මුදලක් අද (25) නියම කළා.

ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, විත්තිකාර තාඹුගල විදේශයන්හි උපයා ගත් කොටි හතක පමණ මුදලක් වෙනුවෙන් ඔහු මෙරටදී බදු ගෙවා ඇති බවත් එම මුදල් විවිධ දේශපාලනඥයින් අවභාවිතා කිරිමට උත්සාහ දැරූ බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට කරුණු දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?