වරෙන්තු මත සිටි ප්‍රා.සභා මන්ත්‍රී පොලිස් කොස්තාපල්ව අනතුරට ලක්කර පළායයි (වීඩියෝ)

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් නතර කිරීමට යාමේ දී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව තුවාල ලබා ඇත්තේ දෙල්වල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

දෙල්වල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් සමඟ ඊයේ (25) පස්වරුවේ නිවිතිගල, පෑබොටුව දෙසට ජීප් රථයෙන් ගමන් කරමින් සිටිය දී උඩපෑබොටුව ප්‍රදේශයේ වෙළඳසැලකින් එළියට පැමිණි පුද්ගලයෙකු ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වරෙන්තුවක් මත සිටින අයෙකු බවට හඳුනාගත් ස්ථානාධිපතිවරයා ඔහු නවතින ලෙසයි දැනුම් දී ඇත්තේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා ඔහු පැමිණ සිටි මෝටර් රථයට නැඟ සිට ඇති අතර, එහිදී පොලිස් කොස්තාපල්වරයා මෝටර් රථය අසළට ගොස් ඔහුට මෝටර් රථයෙන් බසින ලෙසට දැනුම් දී තිබෙනවා.

එහිදී මෝටර් රථයේ සිටි අදාළ පුද්ගලයා එම පොලිස් නිලධාරියාගේ අණ නොතකා රථය ඉදිරියට ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී කොස්තාපල්වරයා වහාම මෝටර් රථයේ බොනට්ටුව මතට පැන රථය නතර කිරීමට උත්සාහ කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පොලිස් නිලධාරියා බොනට්ටුව මත සිටිය දී අදාළ සැකකරු මෝටර් රථය කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් රථය ධාවනය කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියා ඉන් ඇද වැටී තුවාල සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියාගෙන් මිදී මෝටර් රථයෙන් පලාගිය සැකකරු රථය උඩපෑබොටුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක පිහිටි නිවසක රථය නවතා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මෝටර් රථය ද දමා පොලිසියෙන් මිදී පළාගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරක් බවයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?