වරෙන්තු මත සිටි ප්‍රා.සභා මන්ත්‍රී පොලිස් කොස්තාපල්ව අනතුරට ලක්කර පළායයි (වීඩියෝ)

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් නතර කිරීමට යාමේ දී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව තුවාල ලබා ඇත්තේ දෙල්වල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

දෙල්වල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් සමඟ ඊයේ (25) පස්වරුවේ නිවිතිගල, පෑබොටුව දෙසට ජීප් රථයෙන් ගමන් කරමින් සිටිය දී උඩපෑබොටුව ප්‍රදේශයේ වෙළඳසැලකින් එළියට පැමිණි පුද්ගලයෙකු ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වරෙන්තුවක් මත සිටින අයෙකු බවට හඳුනාගත් ස්ථානාධිපතිවරයා ඔහු නවතින ලෙසයි දැනුම් දී ඇත්තේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා ඔහු පැමිණ සිටි මෝටර් රථයට නැඟ සිට ඇති අතර, එහිදී පොලිස් කොස්තාපල්වරයා මෝටර් රථය අසළට ගොස් ඔහුට මෝටර් රථයෙන් බසින ලෙසට දැනුම් දී තිබෙනවා.

එහිදී මෝටර් රථයේ සිටි අදාළ පුද්ගලයා එම පොලිස් නිලධාරියාගේ අණ නොතකා රථය ඉදිරියට ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී කොස්තාපල්වරයා වහාම මෝටර් රථයේ බොනට්ටුව මතට පැන රථය නතර කිරීමට උත්සාහ කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පොලිස් නිලධාරියා බොනට්ටුව මත සිටිය දී අදාළ සැකකරු මෝටර් රථය කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් රථය ධාවනය කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියා ඉන් ඇද වැටී තුවාල සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියාගෙන් මිදී මෝටර් රථයෙන් පලාගිය සැකකරු රථය උඩපෑබොටුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක පිහිටි නිවසක රථය නවතා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මෝටර් රථය ද දමා පොලිසියෙන් මිදී පළාගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරක් බවයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06