ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිත් පාකිස්ථානයට

පකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා – පකිස්ථාන-සිම්බාබ්ව තුන්කොන් T20 ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණු සහිතව ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න අද (19) උදෑසන පකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා පිලිගැනීම සදහා ශ්‍රී ලංකා – පාකිස්තාන් මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සහභාගි වුණා.

පාකිස්ථානය තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ,මෙරට ක්‍රීඩකයින්ගේ මාන්සිකත්වය පිළිබඳ සොයා බැලීමටත්, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තුළ යහපත් මානසික මට්ටමක් ඇති කරමින් ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමත් මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරෙනවා.

  1. පරන සෙට් එක වගේමයි, වෙන cricket ගහන රටවල්වල ඇමතිලා දිරිමත් කරන්න යන්නේ නැ , අපරාදේ සල්ලි දුප්පත් මිනිස්සුන්ගේ