AFC Banner
Empty Ad
Empty Ad

පවතින වැසි තත්වය තවදුරටත් – කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතී යයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් සථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලවදී තාවකාලික තද සුළං මගින් හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද අලුයම නිකුත් කළ වර්ෂාව පිළිබඳව රතු නිවේදනය පහතින්

273310 1

දිවයින වටා මුහුදේ කාලගුණ ස්වභාවය පහතින්

273310 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?