2026 වසරට 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයකට සැලසුම්

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.

ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද (19) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

නව රජය යටතේ විදේශ රැකියා සඳහා ක්‍රියාත්මක කෙරෙන බඳවාගැනීමේ ක්‍රමවේදයට මේ වන විට විවිධ රටවලින් පැසසුම් ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රි ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කර ගැනීම ජපන් දූත පිරිසගේ සංචාරයේ අරමුණ වන අතර, ඒ සඳහා ජපානයේ IM Japan ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක කෙන්ගො හොරි (Kengo Horie) මහතා ඇතුළු නිළධාරීන් හා ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම් 18ක නියෝජිතයින් එක්ව සිටියා.

මෙහිදී, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුලදී නිර්මාණය කිරීමටත්, 1000 ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බවයි කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ. .

එහිදී අදහස් දැක්වූ සමාගම්වල නියෝජිතයින් සඳහන් කළේ, තමන්ගේ ආයතනවල සේවය කරන ශ්‍රි ලාංකිකයින් හොඳින් සේවය කරන බැවින් ඔවුන් පිළිබඳව ප්‍රසාදයක් ඇති බවයි.

එහෙයින් වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් තම ආයතන වෙත බඳවාගැනීමට බලාපොරොත්තු වන බවත් එම නියෝජිතයින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53