2026 වසරට 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයකට සැලසුම්

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.

ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද (19) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

නව රජය යටතේ විදේශ රැකියා සඳහා ක්‍රියාත්මක කෙරෙන බඳවාගැනීමේ ක්‍රමවේදයට මේ වන විට විවිධ රටවලින් පැසසුම් ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රි ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කර ගැනීම ජපන් දූත පිරිසගේ සංචාරයේ අරමුණ වන අතර, ඒ සඳහා ජපානයේ IM Japan ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක කෙන්ගො හොරි (Kengo Horie) මහතා ඇතුළු නිළධාරීන් හා ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම් 18ක නියෝජිතයින් එක්ව සිටියා.

මෙහිදී, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුලදී නිර්මාණය කිරීමටත්, 1000 ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බවයි කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ. .

එහිදී අදහස් දැක්වූ සමාගම්වල නියෝජිතයින් සඳහන් කළේ, තමන්ගේ ආයතනවල සේවය කරන ශ්‍රි ලාංකිකයින් හොඳින් සේවය කරන බැවින් ඔවුන් පිළිබඳව ප්‍රසාදයක් ඇති බවයි.

එහෙයින් වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් තම ආයතන වෙත බඳවාගැනීමට බලාපොරොත්තු වන බවත් එම නියෝජිතයින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23