දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට ගන්න සූදානමක්

දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදි පැවැත් වුණා.

අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මෙහිදී පැවසුවා.

මෙම ගැටලුව විසඳීමේදී ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඉන් 40%ක් බීජ මිලදී ගැනීමේ වියදම බවත් මෙහිදී ගොවීහු පෙන්වා දුන්නා.

වගාවට පොහොර යෙදීමේ අක්‍රමවත් බව, නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි යෙදවුම් නිසා අස්වැන්න පහත වැටීම, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නොමැති වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් අර්තාපල් නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔවුහු මෙහිදී සඳහන් කළා.

මෙතෙක් කලක් අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු රජයක් මෙවැනි සාකච්ඡාවක් ලබා නොදුන් බවත්, තම ගැටලුවලට වත්මන් රජය යටතේ විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ගොවින් වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු සතොස සමඟ එක්ව අර්තාපල් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටත්, අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට මිලදී ගැනීමටත්, ආනයනික අර්තාපල් සඳහා පනවන බද්ද වැඩි කිරීමටත් සලකා බලන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළා.

ගොවීන්ට සහනාධාරයක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සඳහන් කළ අතර, අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසුවා.

අර්තාපල් ගොවීන් සම්බන්ධයෙන් වන රජයේ මැදිහත්වීම් ක්‍රමවත් කිරීම සඳහා ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, ගොවි ගැටලු විසඳීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දෙමින්,එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

රටේ වාර්ෂික අර්තාපල් පරි‍භෝජනය මෙට්‍රික් ටොන් 225,000ක් පමණ වන අතර, එයින් මෙරට නිෂ්පාදනය කෙරෙනුයේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 70,000ක්- 80,000ක් පමණ වන බවත්, ඒ අනුව, ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සංඛ්‍යා දත්ත හුවා දක්වමින් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56