ජනාධිපතිගේ රට ගමන්වල වියහියදම් වාර්තාව පාර්ලිමේන්තුව

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වැය ශීර්ෂ වියදම්වලින් 58%ක් අඩුකරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අද (15) ආරම්භ වූ 2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා, ඔහු ලබාදුන් ආදර්ශය වෙනත් කිසිම නායකයෙකු ලබාදී නැති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ජනාධිපති, අගමැති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයය අද (15) පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම විවාදයේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා විදෙස් නිල සංචාර සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර ම දක්වා විදෙස් සංචාර අටක නිරත වී ඇති බවයි.

එම සංචාර 08 සඳහා ජනාධිපතිවරයා වියදම් කර ඇත්තේ මිලියන 14යි දශම 09ක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2024 දෙසැම්බර් 15-17 අතර ඉන්දීය සංචාරය සඳහා වියදම මිලියන 1.2යි
2025 ජනවාරි 14 චීන සංචාරය සඳහා වියදම මිලියන 0.8යි
2025 පෙබරවාරි 10-13 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය සඳහා වියදම මිලියන 0.5යි
2025 මැයි 04-06 වියට්නාම සංචාරය සඳහා වියදම මිලියන 1.9යි
2025 ජුනි 11-13 ජර්මන් සංචාරය සඳහා වියදම මිලියන 4.0යි
2025 ජුනි 28-30 මාලදිවයින් සංචාරය සඳහා වියදම මිලියන 0.7යි
2025 සැප්තැම්බර් 23-26 එක්සත් ජාතීන්ගේ සැසිය සඳහා ඇමරිකාවටත්, අනතුරුව ජපානයේ සංචාරය සඳහා වියදම මිලියන 5.5යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39