පාකිස්ථාන සමඟ එක්දින තරගාවලියේ ඉතිරි තරග වැට උඩ

පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ මේ දිනවල පැවත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය මේ වන විට අවිනිශ්චිත මට්ටම පවතින බවට වාර්තා වනවා.

පාකිස්ථානය තුළ මේ දිනවල පවතින ආරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලකට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරගාවලිය ක්‍රීඩා කිරිම පිළිබද සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (11) දිනයේ තරගය පැවැත්වුණු රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ සිට කිලෝ මීටර් 17 ක් පමණ දුරකින් සිදු වූ මාරාන්තික බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස්, තවත් 36 දෙනෙක් තුවාල ලැබූ පසුබිමක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පවතින ආරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස තරගාවලිය අතහැර දැමීමේ සුදානමක් පවතින බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද තවමත් නිල නිවේදනයක් නිකුත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ අපොයි මොකක්ද අපේ රටට වෙන්නේ" කියන තැනට රට වැ#ලා.. l Anura Kumara Dissanayake
08:00
Video thumbnail
ශිරන්ති සහ සිරිලිය ගැන කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..නීතියෙන් පලා යන්නේ නැතුව ප්‍රකාශ ලබාදෙන්න..?
04:38
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12


?