බලධාරීන්ගේ නියෝගයකට අනුව චීනයේ වඩාත් ජනප්‍රිය සමලිංගික ආල යෙදුම් (Apps) දෙකක් වන බ්ලූඩ් (Blued) සහ ෆින්කා (Finka) රටේ ඇති තම යෙදුම් ගබඩාවෙන් (app store) ඉවත් ගත් ඇති බව ඇපල් සමාගම පවසනවා.
චීනයේ Cyberspace Administration හි නියෝගයක් මත පදනම්ව මෙම යෙදුම් දෙක චීනයෙන් පමණක් ඉවත් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.
මෙම පියවර එරට සමලිංගික ප්‍රජාව අතර කනස්සල්ලක් ඇති කර තිබෙනවා.
බ්ලූඩ් යනු චීනයේ බහුලව භාවිත වන සමලිංගික ආල යෙදුම් වලින් එකක් වන අතර, එහි බාගත කිරීම් මිලියන ගණනක් පවතිනවා.
ඇපල් සමාගම විසින් විසින් රටේ දැඩි අන්තර්ජාල නීතිවලට අනුකූලව චීනයේ වෙනම යෙදුම් ගබඩාවක් (app store) පවත්වාගෙන යන අතර, Instagram සහ WhatsApp වැනි ජනප්‍රිය යෙදුම් චීනයේ භාවිත වන්නේ නැහැ.















