කැනඩාවේ දී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ ෆෙබ්‍රියෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කැනඩාවේ ඔටාවා හිදී 2024 මාර්තු 06 වන දින සිදුවූ පිහි ඇනුමකදී ශ්‍රී ලාංකික දරුවන් හතර දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීපතමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර 20 හැවිරිදි තරුණයා වරද පිළිගෙන තිබෙනවා.

ඒ, අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම චූදිතයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමටයි එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා ඊයේ (06) උදෑසන ඔටාවා හි උසස් අධිකරණයේ දී ඔහුගේ නීතිඥ එවන් ලිට්ල් සමඟ පෙනී සිටි අතර, වින්දිතයින් හතර දෙනෙකුගේ පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවලට ඔහු එහිදී වරද පිළිගෙන තිබෙනවා.

මේ අතර එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු බරපතල තුවාල ලැබුවා.

ඝාතනවලින් පසු අත්අඩංගුවට ගැනුණු ඒ වනවිට 19 වන වියේ පසුවූ සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පාපොච්චාරණය කර ඇත්තේ, තමන් සතු වූ මුදල් අවසන් වී ඇති නිසා, ඔහුගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසු ශ්‍රී ලංකාවට ආපසු යාමට තිබූ අකමැති හේතුවෙන් සහ තමාගේ ජීවිතය නැති කර ගැනීමට තරම් “දුර්වල” වූ නිසා මෙම ඝාතන සිදු කිරීමට තීරණය කළ බවයි.

ඝාතනයන් සිදුකිරීමට පෙර එනම් මාර්තු 01 වනදා ඔහු මෙම සැලැස්ම සකස් කර බව විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා, ඔටාවා හි බාර්හේවන් තදාසන්න ප්‍රදේශයේ වික්‍රමසිංහ පවුල සමඟ ඔවුන්ගේ නිවසේ බිම් මහලේ කුලී නිවැසියෙකු ලෙස ජීවත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?