මාලිමාවේ මන්ත්‍රී හිඟුරක්ගොඩ පොලිසියට තග දැමූ සිද්ධියේ වීඩියෝවක් එළියට (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් ඊයේ (05) පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක විදුලිය විසන්ධි කිරීමක් සිදුකර තිබෙනවා.

විදුලි බිල නොගෙවීම මත විදුලි සැපයුම විසන්ධි කිරීමට පැමිණි මෙම සේවකයින්ට පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයේ හිමිකරු විසින් පහරදීමට තැත්කර රාජකාරියට බාධා කිරීම මුල් කරගෙන අදාළ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභවේ ජාතික ජන බලවේගයේ එස්. එස්. උදය කුමාර නම් මන්ත්‍රීවරයාගේ සහෝදරයෙක් වන අතර එම මන්ත්‍රීවරයා විසින් අත්අඩංගුවට ගැනුණු තම සහෝදරයා නිදහස් කරන ලෙසට පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට බලපෑම්කර තිබෙනවා.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන් වෙත බැන තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම මත එම මන්ත්‍රීවරයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

පසුව එම මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප හිමිව තිබෙනවා.

එම සිද්ධියට අදාළව විදුලි බල මණ්ඩලයේ සේවයින්ගේ රාජකාරි සඳහා සැකකරු විසින් බාධා කරනු ලබන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44