තහනම් කාලයේ උසස් පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ දැම්මොත් නීතිය තදවෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ වැනි ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ අද (04) දිනයේ සිට විභාගය අවසන් වන තෙක් එම කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

එම තහනම් කාලසීමාව තුළ විභාගයට සම්බන්ධ අනුමාන ප්‍රශ්න පත්‍ර වැනි දෑ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඇය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය හරහා එම අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන බව කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති විභය අපේක්ෂකයින්ට විභාගය සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සලසාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අද (04) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කර සිටියා.

2025 උසස්පෙළ විභාගය එළඹෙන 10 වෙනිදා ආරම්භ වී දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙනවා.

පාසල් අයදුම්කරුවන් 246521 සහ පෞද්ගලික අයදුම්කරුවන් 94004ක් මෙවර උසස්පෙළ විභාගය සඳහා සුදුකම් ලබා සිටිනවා.

මෙවර විභාගය විභාග මධ්‍යස්ථාන 2362 ක්‍රියාත්මක අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?