තහනම් කාලයේ උසස් පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ දැම්මොත් නීතිය තදවෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ වැනි ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ අද (04) දිනයේ සිට විභාගය අවසන් වන තෙක් එම කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි.

එම තහනම් කාලසීමාව තුළ විභාගයට සම්බන්ධ අනුමාන ප්‍රශ්න පත්‍ර වැනි දෑ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඇය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය හරහා එම අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන බව කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති විභය අපේක්ෂකයින්ට විභාගය සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සලසාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අද (04) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කර සිටියා.

2025 උසස්පෙළ විභාගය එළඹෙන 10 වෙනිදා ආරම්භ වී දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙනවා.

පාසල් අයදුම්කරුවන් 246521 සහ පෞද්ගලික අයදුම්කරුවන් 94004ක් මෙවර උසස්පෙළ විභාගය සඳහා සුදුකම් ලබා සිටිනවා.

මෙවර විභාගය විභාග මධ්‍යස්ථාන 2362 ක්‍රියාත්මක අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40