දෙකෝටියකට වැඩි කුෂ් සමඟ අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් දෙකෝටි දස ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍යය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (03) අලුයම මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 28 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිල දී ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද (03) අලුයම අලුයම 02.00ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ අත් බැගයේ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 079ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් දොයගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?