විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කළ පසුගිය 30 වනදා සිට ඊයේ (01) දින දක්වා ගතවූ දින තුනේ දී සිදුකළ වැටලීම්වල දී 3,361 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගෙන් 38 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 72 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර තවත් හයදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ෂන ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම දින තුන තුළ දී දිවයින පුරා මෙහෙයුම් 3,370ක් සිදුකළ බවයි පොලිසිය නිවේදනය කළේ.
එහිදී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 91ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.















