‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් දින තුනක් තුළ 3,361ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කළ පසුගිය 30 වනදා සිට ඊයේ (01) දින දක්වා ගතවූ දින තුනේ දී සිදුකළ වැටලීම්වල දී 3,361 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගෙන් 38 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 72 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර තවත් හයදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ෂන ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම දින තුන තුළ දී දිවයින පුරා මෙහෙයුම් 3,370ක් සිදුකළ බවයි පොලිසිය නිවේදනය කළේ.

එහිදී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 91ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41