චන්දිමාල්ගේ උපන් දින සාදයට ස.ජ.බ. මන්ත්‍රීවරියකුත් ගිහිල්ලා

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී පිරිස අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සිටින බවයි වාර්තා වන්නේ.

භාගේශ්වරී මධුෂිකා ගුණසේකර වන ඇය සමගි ජන බලවේගය නියෝජනය කරන්නියක්.

මෙම උපන් දින සාදයට මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන චමල් සුශාන්ත ගුණසේකර  ද සහභාගි වී තිබෙනවා.

මෙම සාදයට එක්වූ තවත් හය දෙනකු ඊයේ අත් අඩංගුවට ගත් අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට මධුෂිකා ගුණසේකර ලෙස සිය නම ලබා දී තිබෙනවා.

ඇයගේ සැමියා නම ප්‍රකාශ කර ඇත්තේ චමල් සුශාන්ත ලෙසයි.

නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය තිස්වැනිදා රාත්‍රියේ කොළඹ තරු පන්තියේ හෝටලයක උපන් දින සාදයක් සංවිධානය කිරීම නිසා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණී පියුමි හංසමාලි යන අය අත්අඩංගුවට ගැනුනා.පසුව ඔවුන් කොලඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා හැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52