චන්දිමාල්ගේ උපන් දින සාදයට ස.ජ.බ. මන්ත්‍රීවරියකුත් ගිහිල්ලා

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී පිරිස අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සිටින බවයි වාර්තා වන්නේ.

භාගේශ්වරී මධුෂිකා ගුණසේකර වන ඇය සමගි ජන බලවේගය නියෝජනය කරන්නියක්.

මෙම උපන් දින සාදයට මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන චමල් සුශාන්ත ගුණසේකර  ද සහභාගි වී තිබෙනවා.

මෙම සාදයට එක්වූ තවත් හය දෙනකු ඊයේ අත් අඩංගුවට ගත් අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට මධුෂිකා ගුණසේකර ලෙස සිය නම ලබා දී තිබෙනවා.

ඇයගේ සැමියා නම ප්‍රකාශ කර ඇත්තේ චමල් සුශාන්ත ලෙසයි.

නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය තිස්වැනිදා රාත්‍රියේ කොළඹ තරු පන්තියේ හෝටලයක උපන් දින සාදයක් සංවිධානය කිරීම නිසා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණී පියුමි හංසමාලි යන අය අත්අඩංගුවට ගැනුනා.පසුව ඔවුන් කොලඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා හැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?