ඔක්ටේන් 92 වර්ගයෙන් රුපියල් 05කින් මිල අඩු කරයි

අද (31) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝදනය කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටරයකින් පැවති මිලට වඩා රුපියල් 05කින් මිල අඩුකර තිබෙනවා.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිට පෙර පැවතියේ රුපියල් 299.00කට වන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට එය රුපියක් 294.00 ක් ලෙස සංශෝධනය වනවා.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගද රුපියල් 05 කින් මිල ඉහල දමා තිබෙන අතර එම ඉන්ධන වර්ගයේ ලීටරයක නව මිල 318ක්.

කෙසේ නමුත් ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්, ලංකා භුමිතෙල් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?