පොලිස්පතිතිගෙන් පොලිස් නිලධාරියෙක්ට එරෙහිව CIDය වෙත පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.

පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවත් පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ක්‍රියාකරිකයෙක්ට ලබාදී ඇති බවට අනාවරණය වීම මත පොලිස්පතිවරයා විසින් මෙලෙස පැමිණිලිකර තිබෙනවා.

අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යැයි පවසන පුද්ගලයෙක් සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන හඬපටයක් ද ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් සහ අදාළ හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50