පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක ට අදාළව අධිකරණයේ පෙනී නොසිටිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් තම සේවාදායකයාටඅද (29) දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සැකකරා ජගත් මනුවර්ණගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
4
+1
98
+1
4
+1
3
+1
7
+1
10





