නාරාහෙන්පිට මහල් නිවාසයේ ගින්න මැඩ පැවැත්වයි

නාරාහෙන්පිට, දාබරේ මාවතේ මහල් නිවාසයක හතරවෙනි මහලේ ඇති වූ ගින්නෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 10 ක් සහ ගිලන් රථ දෙකක්ද පැමිණ තිබුණා.

කෙසේ වෙතත් එම ගින්න මේ වන විට මැඩපවත්වා ඇති අතර ගින්නට හසු වූ මහළේ සිටි කිහිපදෙනෙක් මුදවා ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ගින්නට හසු වූ නිවසක කාන්තාවක් සහ ළමුන් දෙදෙනා ගිලන් රථයක් අමන්ගින් ප්‍රතිකාර වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?