බලශක්ති ලේකම්වරයා ලබාදුන් සේවා දිගුව ඇමති අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා ගෙන තිබූ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කර තිබුණා.

ඒ, අනුව අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් වෙත ලිපියක් මඟින් ඒ බව දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබාදුන් මෙම සේවා දිගුව වහාම ක්‍රියාත්මක කරන පරිදි අවලංගු කරන ලෙසට අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් උපදෙස් දී තිබෙනවා.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ එවැනි සේවා දීර්ඝ කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීම ද වැරදි නිරූපණයක් ඇති කරන්නක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07