අපරාධ කල්ලි අතර ගැටුම් පැවතිය ද පොදු මහජනතාවගේ ජීවිතවලට තර්ජනයක් නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී . සරත් පවසනවා.
ඔවු මේ බව සඳහන් කළේ ජන හමුවක් අමතමින්.
” දැන් මැර කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වෙලා, දැන් එයාල කියනවා පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුලුවන්ද ?, එයාලට නඩු තියෙනවා, ඒ කල්ලි අතර ගැටුම් එයලාම දන්නවා. ඉතින් එයාල ඒ විදියට ප්‍රශ්නේ බේරගන්න යනවා. ඉතින් අපිට කියන්නේ නෑනේ මේ ප්‍රශ්නේ බේර ගන්න මෙහෙම යනවා කියලා. නැත්නම් අල්ල කූඩුවේ දාන්න පුළුවන්.
එයාලා අතර ගැටුම් ගියා කියලා පොදු ජනතවගේ ජිවිතවලට ආරක්ෂාවක් නෑ කියලා කියන්න බෑ. වෙන කවර ආණ්ඩුවකටත් වඩා දැන් මේ රටේ පොදු ජනතාවට ආරක්ෂාවක් තියෙනවා.” යැයි නියෝජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.














