දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම සි.සී.ටී.වී ආරක්ෂිත කැමරා සවි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා වන ප්රසම්පාදන කටයුතු මේ වනවිට සිදුකර අවසන් බවයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කළේ.
ඒ, අනුව කඩිනමින් එම කටයුතු සිදුකිරීමට නියමිත බවයි පොලිස් මධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එම ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් පොලිස් ස්ථාන නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
