හිටපු ප්‍රාදේශීය සභාපතිට වත්කම් බැරකම් සම්බන්ධයෙන් නඩුවක්

ගලෙන්බිඳුනුවැව පොලිස් වසම් ඇල්ලෑව ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවේ 2011 – 2016 වර්ෂවලදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි විජේවර්ධන මුදියන්සේලාගේ සමන්ත නාමල් විජේවර්ධන අල්ලස් දූෂණ චෝදනා විමර්ශන අංශයේ වත්කම් විමර්ශන අංශය මගින් වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් යටතේ අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලයේදී වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව අල්ලස් දූෂණ විමර්ශන අංශයේ පෙනි සිටින ලෙසට ලිපි මගින් දැනුම් දි තිබියදී නොපැමිණීම හේතුවෙන් විමර්ශනයට සහය නොදැක්විම යටතේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු අද දින කහටගස්දිගලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන 31වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නැවත මෙම නඩුව ලබන 31 වන දින විභාගයට ගැනිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?